10 January 2012

මතක පොරොන්ඳුවක්

කාලෙකට පස්සෙ මතක්වුණ පොතක් කියවලා අවසානෙට එනකොට පාන්දර තුනත් පහුවෙලා.. අද නිවාඩුදවසෙ (09) ටිකක් නැගිටින්න පරක්කු වුණත් මොකද කියලා හිතාගෙනම ඇස් දෙක පියා ගත්තෙ සීතටත් එක්ක.. යාන්තම් ඇහැපියවීගෙන.. හීන වලටත් අත වනාගෙනම එන කොට.. පුරුදු Music එකක් ඇහෙනවා.. කනලඟම.. නිකන් නෙමෙයි.. දෙදර දෙදර.. ෂැහ්!ෆෝන් එක ඕෆ් කරන්න අමතක වෙලා.. කවුරු වුණත් මේ මහ පාන්දර මට කුකුලෙක් දෙන්න කෝල් කරන්නෙ කවුද බලන්න ඇස් ඇරියත්  ස්ක්‍රීන් එකම බොදවෙලා පෙනුනෙ.. 

"හලෝ.."

"මේ ඕයි.. නිදිද හලෝ.."

"නෑ හීන බලනවා.. කවුද ඔය..?"

"ගුඩ් නිවුස් එකක් දෙන්න කතා කලේ.. අපි දෙන්නට ගෙදරින් කැමැත්ත හම්බවුණා ඕයි.. මේ අවුරුද්දෙ අන්තිම වෙඩිම.. ඕන් පොරොන්දු වුණ විදිහටම පළවෙනියටම කිව්වා... එන්න ඕනෙ.."

ඈහ්..? කැමැත්ත..? වෙඩිම..? පොරොන්දුව..?

ටිකක් ඇස් දෙකත් පොඩි කරලා.. නිදිමත එහාට මෙ‍හාට පා කරලා කතා කරන කට හඬ මතක් කරලා බැලුවා.. අලේ දැන්නෙ මතක්වුණේ.. මේ මගෙ දෙවෙනි මස්සිනා නෙව..

"ආ... එහෙනම් බිරිඳ කෑ ගහන.."
 ඉතිරියට කිව්ව ටික මතක නෑ... තියෙන සුබ පැතුම් ඔක්කොම කියලා ෆෝනත් ඇදෙන් ටිකක් එහාට කරලා තිබ්බ නින්ද ආයෙත් ගන්න උත්සහ කලත් හිනාවත් එක්ක මතකෙ ඇඳුනෙ අතීතයේ ඒ සුන්දර මතක...

"අන්න අතන ඉන්නෙ.. අර අර හිනාවෙන්නෙ.."

"එතන ඉන්න ඔක්කොම සිරික්කිය දාද්දි මං කොහොමද හලෝ එක්කෙනෙක් කියලා හොයන්නෙ..?"

"අර තනිකොණ්ඩයක් ගොතලා.. ක්‍රීම් පාට බ්ලවුස් එක.."

"ආ.. එයාද.."

‍නෑ කමට නෑනා මස්සිනා වුණත් අපි අතර තිබුණෙ සහෝදර බැඳිමක්.. අපේ අයියා, අම්මගෙ පැත්තෙන් අවුරුදු ගණනක් තිස්සෙ දෙවෙනි ගෑණු දරුවෙක්ට රජකම් කරන මම (දැන් නම් අවු.4, අවු1 ගෑණු දරුවො දෙන්නෙක් ඉන්නවා රජකමට..) ‍පළවෙනි මස්සිනා, දෙවෙනියා, තුන්වෙනියා.. තව බාප්පගෙ පැත්තෙනුත් අය ඇවිත් එකතුවුණාම.. ගෙදරට කියන නම් වලින් කතාකරනවා මිසක්.. නෑදෑකම් වල හරි නමත් අමතකවෙනවා.. මේ එහෙම දවසක ප්‍රදර්ශණයක් බලන්න ගිහින් වුණ දෙබසක්.. මගෙ මස්සිනා මේ ගෑණු දැරිවිව ඕනෙමයි කියලා ඇඩුවෙ නැතැ... සාකච්චා මාර්ගයෙන් විසඳගන්න පුළුවන් තත්වයක නෙමෙයි තිබුණෙ.. කැමැත්ත ඇහුවම ගෑණු දැරිවි ටිකක් ආඩම්බර වෙලා.. ඉතින් විදේශ ආධාරයක් විදිහට ඔතනට අපි මැදිහත් වුණා.. අපි කිව්වට මම තමයි ඉතින්.. අඳුරන්නෙ නැති වුණත් මං කාගෙ කවුද කියලා.. අනේ ගෑණු දැරිවි ටික වෙලාවකින් හොඳ යාළුවෙක් වුණා.. කොහොමින් හරි මස්සිනාගෙ යෝජනවත් දැම්මට පස්සෙ කිව්වෙ.. 

"අනී.. අම්මලාගෙන් ඇවිත් අහන්න .." (ආන්න කො‍ල්ලො ගැන දන්න ළමයි ඉහි) 

එයාගෙන් නම් අකමැත්තක් නෑලූ.. ‍එතන ඉදන් ඒ දෙන්නනම් පෙම් සයුරෙ නෑවෙ, අපි ඉන්නවද, ගිලිලද, ගහගෙනවත් ගිහිල්ලද කියලා බලන්නෙ නැතිව (අනේ හැබෑටම..හරිගියාම) ඒ ගෑණු දැරිවිගෙන් කැමැත්ත ගන්නවට වඩා අමාරුම කාර්යය තමයි පුංචිට මේ ගැන කියන එක.. ඒකටත් ඉතින් නෑදෑපරපුරේ වැඩිහිටි අයත් එක්ක මස්සිනාව යවලා ඒ ටිකත් ගාණට ශේප් කලා.. ඒ අතර අපේ මස්සිනාට ඕනාලු පුංචලා අර ගෑණු දැරිවිව බලන්න ඒ ගෙදර යද්දි.. ගෑණු දැරිවිව හොරෙන් හම්බුවෙලා ප්‍රසන්ට් එකක් දෙන්න.. මෙයාගෙම අතින්..ඔන්න දැන් කවි ලියන්න ඕනලු... තෑග්ගක් දෙන්න ඕනලු.. මෙතන එකම ඥාව් ගෑවිල්ල.. තෑගිටික ඔතන වැඩෙයි, කවියයි ලියන වැඩේ මමයි තව හිටිය නංගිකෙනෙකුයි බාර ගත්තා.. ගෙනත් දුන්න තෑග්ග ලස්සනට ඔතලා පොඩි ඩෙකරේෂ් ටිකකතුත් දාලා.. කවියකුත් ලියලා ලස්සන කාර්ඩ් එකක.. ඕන් දවස එනකල් හංගලා තිබ්බා.. අපරාදෙ කියන්න බෑ.. මගෙ පොඩි මලයගෙන් ලැබුණෙ මාරම සපෝර්ට්එකක්.. රිබන් හොයන්න.. කතුරු හොයන්න.. ඒ විතරද ඔත්තු බලන්න.. (පස්සෙ ටිප් එකට අයිසින් කේක් එකක්ම ඉල්ලුවෙ නේ..) 

ඕන් දැන් අපේ අම්මා.. පුංචි.. එතකොට ආව වැඩිහිටි නෑදෑයො ඔක්කොම අර ගෙදර ගිහින් මොනවද මන්දා කතාකරගෙන ආවයි කි‍යමුකෝ.. 

ඔය අතර මාත් එක්ක කතා කර කර හිටියෙ බාලම මලයා..

දැන් මල්ලි කී වසරද?

"7 වසරෙනෙ  - - - අක්කේ.."

"ඊට පස්සෙ මල්ලි මොකද කරන්න හිතන් ඉන්නෙ..?"

"මාත් කෂාදයක් බඳින්න හිතුවා.."

"ඈහ්..?"

අපේ පුංචිගෙ අතේ තිබුණ මොන මොනවදෝ බිමට නොහැලෙන්න , මගෙ හිනාව නවත්ත ගන්න බැරිවෙන්න, අපේ අම්මත් පොඩි ශේෂ් කතාවක් නොකියන්න.. පොඩිඑකාගෙ කටින් පැන්න ගෙබ්බො ටික අහුලන්න වෙන්නෙ පුංචිගෙ අතින් පියාඹගෙන එන කොස්සෙ කෙදි දතුත් එක්කම..

කොහොම වුණත් මස්සිනාගෙ ආදරයට දරදිය ඇදීම නිමිතිකොට ගෙනත්, දැනට තම මවගේ පාර්ශවයෙන් දැරිවියකුට රජකම් කරන නන්ඳුට.. අවු. 7-6 කට එහා ගිය මේ මතකෙ පොරොන්දුව දෙවැනි මස්සිනා ඕන් ඉෂ්ට කලා.. ඒ සුන්දර මතක මැද ඇස්වලට නිදිමත එද්දි... යාන්තමට හතර අතට එළියත් වැටීගෙන ඇවිත් ජනේලයෙන් කාමරය ඇතුලටත් එඹිලා..

එහෙමනම් මේ අවුරුද්දෙ අන්තිමට සුබ මංගලම්..!!! මට නෙමෙයි ඕන් මගෙ මස්සිනාටයි වෙන්න වෆ්ටයි... :D



ප.ලි- බාල මලයා හොටේල් කෝස් එකක් කරලා මේ දවස්වල ගෙදර එකම බේකරියක් කරලලු තියෙන්නෙ.. මාළු බනිස්, දිව උළුක්වෙන කෑම ජාති, ඩෙසර්ට් එහෙම කාලා ඉවරයක් නැතිලු.. හැබැයි පුංචි අප්සට් එකකට තියෙන්නෙ ඉගෙන ගත්ත තැනින් ඔය ඔක්කොම කරලා අන්තිමට අස් කරන්න කියලා දීලා නැතිලු.. ඒ නිසා මේ දවස්වල සැලර්ඩ් එකට දිරවන්නෙ අපේ පුංචිගෙ සුගම්‍ය බස් ලු.. එහෙම කිව්වෙ හිනාවෙවී අපේ පුංචි...

අහ් තව දෙයක්.. අපේ බාල මලයා.. නන්ඳු අක්කා එනකල් මඟබලාන ඉන්නවලු.. කේක් එහෙම හදලා දෙන්න.. (අනේ මලයෝ.. මං එන්න කලින් උඹ රස්සාවක් හොයාගෙන යන්නෝ..) උඹ කිව්වෙ සහෝදර කමට හො‍දේ.. :)


නන්ඳු පෝස්ට් දැමීමට අදිමදි කරන විට ඒ ප්‍රීතිය නිමිත්තෙන් මා දිහාවට තර්ජන එකතුකල සැමට..මේ පෝස්ටුව.. :)

04 January 2012

ප්‍රශ්න එක්ක සෙල්ලමක්..

පරණ අවුරුද්දකුත් ගෙවිලා.. අළුත් අවුරුද්දෙනුත් දවස් ගණනක් ක්ෂය වෙන්න පටන් අරන්.. අළුත් බලාපොරොත්තු.. තිබුණ බලාපොරොත්තු වල ඉලක්ක වලට පියවරක් ඉදිරියට තියන්න පරණ අවුරු‍ද්දෙන් අළුත් අවුරුද්දක කාලයක් ලැබිලා.. අද ඊයේ ප්‍රථිඵලයක් වගේම එය හෙටට හේතුවක්.. පරණ අවුරුදු ගණනකින් සමහර විට අපි අළුත් අවුරුද්දටත් නොවිසඳුන ප්‍රශ්න අපිත් එක්කම මේ අවුරුද්දට එන්න ඇති.. 

ප්‍රශ්නයක් නැති එකත් සමහර අයට ප්‍රශ්නයක්නෙ.. එහෙනම් නන්දු අද පුංචි ගණිත , මනෝමය ප්‍රශ්නයක් දෙන්න යන්නේ.. මේ දේ ‍මේ විදිහෙන් හිතලා ප්‍රායෝගික ජීවිතයට ඇතුල් කරගන්න කියලා දුන්නෙ නන්දුගෙ යුනියෙ ගියසතියෙ පාඩමෙන්ම තමයි.. හිතුණා ඔයාලත් එක්ක බෙදාගන්න.. මේක ප්‍රශ්නයක්ම කරගන්න එපා ඔන්න.. ගොඩක් දෙනෙක් මේක ගණිත ගැටළුවක් විදිහටත් සෙල්ලමක් විදිහටත් කරලා ඇති.. ඒ අයත් බලන්න මේ සෙල්ලම මේ පැත්තෙනුත් බැලුවද කියලා.. 
කොළයකුයි පෑනකුයි අතට අරගෙන මෙන්න ප්‍රශ්නෙ ඇඳගන්න..
ප්‍රශ්නය : මේ තිත් නමය ඉරි තුනකින් හෝ හතරකින් එකට යාකරන්න 
නීතිය : යා කරන අතර පෑන එසවීම තහනම්..!

මේ දේ පුංචි සෙල්ලමක් කියලා ඔයාලා හිතයි.. ඇත්තටම හරි.. එත් මේ පුංචි සෙල්ලම ඇතුලෙ අපේ ජීවිත වලට උගන්වන දේ ගොඩක් වටිනවා..

හරි.. දැන් ඔයාලා හැම විදිහකටම උත්සහ කරන්න ඇති.. බලන්න පහලින් තියෙන ඔයාලගෙ උත්තර මං කොපිකල හැටි හරිද කියලා.... කොලේ නවලත් බලන්න ඇති නේද සමහර අය.. 
ඒත් කොලේ වහන්න බෑ ඕන්... :D  

හිතන්න.. අළුත් දෙයක් ඉගෙන ගන්න කල් අපි නිතරම හිතන්නෙ අපිට මවලා දීලා තියෙන ඒ පුංචි ලෝකෙ ඇතුලෙ ඉඳගෙන.. අපේ මොළය ඇතුලෙ තියෙන සිස්ටම් එකටයි අපි ක්‍රියාකාරීත්වී වෙන්නෙ.. අපිට වෙනස් දෙයක් ඕන කියලා හිතෙන තාක්.. අපිට අනිත් අය විසින් පටවලා තියෙන නීති ඇතුලෙම අපේ ජීවිත ගෙනියයි.. අපිට මේ රාමුවෙන් පිටතට යන්න ඕනෙ කියලා හිතෙන තාක්.. 

අද ඔබත් මමත් විදුලි පහනෙන් ආලෝකය දකින්නෙ.. අන්තර්ජාලය හරහා සම්බන්ද වෙන්නෙ.. මෙහෙම බ්ලොග් පිටුවක් ලියන්න පසුබිමක් නිමැවුණෙ , දුෂ්කරතා.. වැරදීම්.. අඩුපාඩු මැද... උත්සහයන් මැද්දෙන්.. ඒ අයගෙ හිත් වල මැවුණ වෙනස් සිතිවිලි වලින්.. වැරදි වැරදි හෝ දැරුව උත්සහයන් තුලින්.. ඒ අයත් අනිත් අය වගේම හිතුවොතින්.. එදා තිබුණ ඒ තඩි පරිඝණක ඒ විදිහටම අදත් තියේවි.. අද ඔබත් මටත් මේ විදියට සිංහල යුනිකේත නොතිබේවි.. ගමනා ගමනයට තවමත් සතුන් යොදාගැනේවි.. අළුත් අවුරුද්ද උදාවෙද්දී.. ග්‍රහදෝස තාරකා දෝස හිතේ තියාගෙන.. අනිත් අයගේ මිම්මෙන් තමන්වම මනින්න උත්සහ කරන... වැස්ස නිසා සීතලයි.. අව්ව නිසා රස්නෙයි කියලා අපේ ජීවිත වල එක දවසක් හරි ඉලක්කවලට අපිට යන්න තියෙන කාලය අපි පමා කරනවනම්..  අපතේ යවනවනම්.. ඔබේ අනාගත ගොඩනැගිල්ලෙ ශක්තිමත් පාදමට එක ගඩොලක් කොතැනක හෝ අඩුවේවි..

උත්සහ කරන්න.. වෙනස් විදිහට දකින්න.. අපි හැමෝම ජීවිතෙන් පාඩම් ඉගෙන ගන්නවා.. ජීවිත‍ය මේ විදිහ කියලා සම්පූර්ණ නිර්වචනයක් දෙන්න අපි අතරින් කාටවත් බෑ.. එක එක්කෙනාගෙ ජීවිත එක එක විදිහ.. ඒ ජීවිත වලට ප්‍රශ්න එන්නෙත් විවිධ හැඩ වලින්.. උත්සහ නොකර කවදාවත් අපිට වරදින්නෙ නැහැ.. වරදින්නෙ නැහැ කියන්නෙ අපි අළුත් දෙයක් හොයාගන්න උත්සහ නොකලා කියන එක.. උත්සහ කරන්න.. ඔබ වැරදි වැරදි හෝ මේ ඇන්ද කටුසටහන් වගේ.. ප්‍රශ්න වල ඇතුල ඉඳන් ඒ ප්‍රශ්නෙ විසදනවට වඩා.. පිටින් ඒ ප්‍රශ්නෙ දිහා බලන්න.. ප්‍රශ්න එකපිට එක ඒවි.. ඒත් ඒ දේවල් වලට වෙනස්, නිවැරදි විදිහට විසඳුම් හොයන්න පුංචි හරි උත්සහයක් දරන්න.. මේ පුංචි සෙල්ලමෙන් දෙන පණිවිඩයත් ඒකයි.. අපි හැමෝම රාමුවකට කොටුවෙලා ඉන්න තාක්කල්.. හිතනතාක්කල්.. කවදාවත් අපේ අතින් අළුත් නිර්මාණයක් බිහිනොවේවී.. ඔබ ලැබුව වටින මනුෂ්‍ය ආත්මයේ ජීවිතේ වටිනා කාලයෙන් ඔබත් රටටවත් කාටවත් ප්‍රයෝජනයක් නොවී කාලය ගෙවිලා තියේවි.. 

සමහර ප්‍රශ්න වලට එක විසඳුමක් විතරයි ඕනෙ.. ඒත් අපි.. ඒක සම්පුර්ණ විසදුම් හොයන්න ගිහින්.. මුළු ප්‍රශ්නෙ ඇතුලෙම ගිලෙන අවස්ථා කොයිතරම් තියෙන්න ඇතිද..? ඒ විතරද.. නිකන් තියෙන කරදර වලට කරදර කරන්න ගිහින් ඉල්‍ලගෙනම නාපුවා.. සමහර ප්‍රශ්න අපි විසින්ම ජීවිතේට ඇතුලත් කරගෙන ඔසවගෙන ඉන්නෙ හරියට කවුරු හරි පැටෙව්වා වගෙයි.. අර මහාචාර්යතුමයි වතුර වීදුරුවෙ කතාවයි අහලා ඇති නේද..? වෙලාවක අපිත් අත රිදෙනකල්, අත කැඩෙනකල් ඒ වතුර වීදුරුව වගේ අපේ ප්‍රශ්නත් අල්ලගෙන ඉන්නවා.. බිමින් තියන්නෙ නැතිව..
මේ තිත් වලින් පිට ගිහින් යා කරන්න එපා කියන නීතිය අපේ හිතෙන්ම අපි හදාගෙන ඉවරයි නේද..? මේ තිත් වෙනස් විදිහකින් යා කරන්න උත්සහ කරන්න ඔබව යොමුකරන්න පුංචි කාලෙ ඉදන් අපේ මනසට යොමුකල සිස්ටම් එක වෙනස් කරන්න දෙන්නෙ නැති හැටියක්.. ඇයි ඔය තිත්වලින් ටිකක් පිටතට අපි ‍ගියොත්.. :) 

ඔන්න බලන්නකො වෙනස් විදිහකට හිතලා ප්‍රශ්නයකට විසඳුමක් හොයාගත්ත ක්‍රමයක්.. :)




හිහිහී.. වෙනස් විදිහකට හිතලා.. ගූගල් දෙවියන්ගෙන් උත්තරේ හෙව්ව අය දැන් අත උස්සන්නෝ... :D
දවසක ප්‍රශ්න කෙනෙක්ට දවසකට ප්‍රමාණවත් නිසා ඕන් තවත්නම් පෝසට් එක දිග්කරන්නෙ නැතිව උත්තරේ පහල දීලා තියෙනවා.. 
විදි කිහිපයකට..


උත්තරේ හරිද බලන්න..

ඉරි තුනකින්


ඉරි හතරකින්


"Anyone who has never made a mistake has never tried anything new"
 Albert Einstein

පිළිගන්නවද.. :)